by Staff writer 03-07-2018 | 3:08 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඉදිරි මාස 6 ක කාලය තුළ නොපැවැත්වුහහොත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සමාජිකත්වය පිළිබඳව ගැටළුවක් ඇති විය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය.
අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි මාස 6 ක කාලයක් තුළ නිලවරණය පැවැත්වීමට පසුගියදා පැවැති රැස්වීමේදී එකඟ වූ බවත් ඒ අනුව ඉදිරි මාස 6 ක කාලය තුළ එම නිලවරණය පැවැත්විය යුතු බව ය.
එසේ නොකළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සමාජිකත්වය පිළිබඳ ගැටළුවක් ඇති වන බව ඔවුන් වැඩි දුරට ත් සඳහන් කළේය.