පන්දුව පළුදු කළ ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම ඉහළට

by Staff writer 03-07-2018 | 4:09 PM

COLOMBO (News 1st) - පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වන ක්‍රීඩකයින්ට ලබාදෙන දඬුවම්ද වැඩි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ.

අයර්ලන්තයේ ඩබ්ලින් හීදී පැවැති 75 වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ. මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2 වන මට්ටමේ වැරැද්දක් ලෙස සැළකු පන්දුව පළුදු කිරීම, නව නීතීය යටතේ 3 වන මට්ටමේ වැරැද්දක් ලෙස සඳහන් කර තිබේ. ඒ අනුව පන්දුව පළුඳු කිරීමට වැරදිකරුවන ක්‍රීඩකයෙකුට තහනම් ලකුණු හෙවත් ඩී මෙරිට් ලකුණු 12 නියම කිරීමට නියමිත ය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අචාර ධර්ම පද්ධතියට අනුව තහනම් ලකුණු 12 ක් ටෙස්ට් තරග 6 ක හෝ පන්දුවාර 20 යි 20 තරග 12 ක තහනමකට සමාන වේ. මේ අතර අන්තර්ජාතික ටෙස්ට් කවුන්සිලය විසින් සංවිධානය කරන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය පිළිබඳ නීතී හා රෙගුලාසි එළැඹෙන සති කිහිපය තුළ නිවේදනය කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. පසුගියදා නිමාවට පත්වූ ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි නිල අන්තර්ජාතික ක්‍රිකට් තරග ලෙස නම් කිරිමට ද එහීදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.