by Staff writer 03-07-2018 | 10:30 PM
COLOMBO (News 1st) - 2015 ජනවාරි 8 වන දා යහපාලන රජය පිහිටුවන්නේ මාධ්‍ය නිදහස සුරක්ෂිත කරන බවට ප්‍රතිඥා දෙමිනි.
නමුත් රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් පිළිබඳව මාධ්‍යවේදියකු කළ අනාවරණයකට කිපුණු අමාත්‍යංශයක කාර්ය මණ්ඩල ප්‍රධානියකු මෙන්ම රජයේ ප්‍රබල ආයතනයක ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්වීම් ලබා ඇති තුසිත හල්ල්ලොලුව නැමැත්තා ප්‍රතිචාර දැකිවිය.
මෙහි ඇති ඇතැම් වචන කපා දැමුනේ කුඩා දරුවන්ට කෙසේවෙතත් ඒවා වැඩිහිටියන්ට පවා අසා සිටීමට නොහැකිවීම හේතුවෙනි.
මෙම තොරතුරුවලින් අනාවරණය වන ජෙයසුදීර් ජෙයරාම් නමැත්තා මීට මාස කිහිපයකට පෙර නීතිවිරෝධී අයුරින් විදෙස් මුදල් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනිණි.
එහෙත් ඔහු පසුව මුදාහැර තිබුනේ කාගේ බලපෑමක් මත ද?
එස්එල්වීලොග් අනාවරණය කරන්නේ මෙම පුද්ගලයා සමග කළ ගනුදෙනුවක් ගැන සිදුකළ අනාවරණයකට තුසිත හල්ලොලුව නමැත්තා කෝපගෙන ඇති බවයි.
මාධ්‍යවේදීන්ට ආණ්ඩුවේ තනතුරු දරන්නන් තර්ජනය කරන්නේ රටේ නායකයින් මාධ්‍ය නිදහස් ගැන පුන පුනා ප්‍රකාශ කරද්දී වීම විශේෂත්වයකි.
තුසිත හල්ලොලුව නමැත්තාට මාධ්‍යවේදියා කළ අනාවරණයන් පිළිබඳව පැහැදිලි කිරීමක් හෝ අභියෝග කිරීමක් කරන්නට උවමනාවක් තිබුනා නම් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පිළිගත් ක්‍රමවේදයන් රැසක්ම තිබේ.
ඔහු විසින්ම මාධ්‍යයට තමන් හඳුන්වා දෙන්නේ අනුර ප්‍රියදර්ශන යාපා, අමරසිරි දොඩන්ගොඩ, ඩිලාන් පෙරේරා වැනි දේශපාලනඥයින්ගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මාධ්‍ය ඒකකයේ නිලධාරියකු ලෙස ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රචාරණ අධ්‍යක්ෂකවරයකු ලෙස ද කටයුතු කර ඇති බවයි.
නිසි ලියකිවිලි නොමැතිව වරක් මලයාසියාවේ රඳවා ගත්තේ ද අයතා අන්දමින් මුදල් රටින් බැහැර කරන්නට ගොස් කටුනායක ගුවන්තොටුපොළේදී ආරක්ෂක අංශ භාරයට පත්වූයේ ද මේ පුද්ගලයාම නොවේ ද?
බලයෙන් හෝ තනතුරෙන් උදම්ව ගිය උද්දච්ච පුද්ගලයෙකුගේ ආකාරයෙන් කරන මෙම හැසිරීම ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිසේත්ම අනුමත නොකරනු ඇත.
රජයට සම්බන්ධ තනතුරු දරමින් හෝ රජයේ කොටස්කරුවන් බවට කයිවාරු ගසමින් මාධ්‍යයට තර්ජනය කරමින් සහ බිය වද්දමින් කරන මෙවන් හැසිරීම්වලින් සිදුවන්නේ රජයම අපහසුතාවයට පත්වීම නොවේ ද?
මාධ්‍යයට මෙවන් තර්ජන කරන අයට අප සිහිපත් කරන්නේ ඔවුන්ගේ රහසිගත ව්‍යාපාර සහ වත්කම් ගැන තොරතුරු මාධ්‍ය ආයතන සතුව ද පවතින බවයි.