ඔස්ට්‍රේලියාවෙන් තව ත් ක්‍රිකට් වාර්තාවක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායකයාගේ ලකුණු රැස් කිරීම වාර්තා අතරට එක්වෙයි

by Staff writer 03-07-2018 | 7:22 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු ලෙස අද වාර්තා අතරට එක් විය.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී පන්දු 76 කින් ලකුණු 172 ක් රැස් කරමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2කට ලකුණු 229 ක් රැස් කළේ ය.