එමිල් රංජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

එමිල් රංජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

by Staff writer 03-07-2018 | 1:51 PM
වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා සහ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. මෙහිදී අපරාධ ස්ථානයේ තිබී සොයා ගත්, ටී-56 ගිනිඅවි 25ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය නියෝග කළේ ය.