කේබල් රූපවාහිනි රැහැන් සම්බන්ධයෙන් පැමිණිල්ලක්

උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි රැහැන් ගැන වෙබ් මාධ්‍යවේදීන්ගෙන් විදුලි බල මණ්ඩලයට පැමිණිල්ලක්

by Staff writer 03-07-2018 | 9:50 PM

COLOMBO (News 1st) - උතුරු හා නැගෙනහිර පළාත්වල නීතිවිරෝධී කේබල් රූපවාහිනි රැහැන් සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන් අද ලංකා විදුලි බල මණ්ඩලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නීතිවිරෝධි කේබල් රූපවාහිනි සඳහා රැහැන් භාවිත කිරීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර වහා ක්‍රියාමාර්ග ගන්නැයි මේ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත. යාපනය දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත කෙබල් රූපවාහිණි රැහැන් හේතුවෙන් ජීවිත හානි ද සිදු විය.