by Staff writer 02-07-2018 | 10:27 PM
COLOMBO (News 1st) - යුරෝපීය ප්‍රමිතිය සහිත නව පෙට්‍රල් හා ඩීසල් විශේෂයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද හඳුන්වාදී තිබේ.
අද කොළඹ පැවති උත්සවයකදී හඳුන්වාදුන් ඩීසල් හා පෙට්‍රල් විශේෂය හඳුන්වන්නේ යුරෝ ෆෝ ලෙසයි.
මෙම හඳුන්වාදීමත් සමග සුපිරි ඩීසල් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වෙළෙඳපොළෙන් ඉවත්වනු ඇති.
එම ඉන්ධන අළෙවිකළ මිල ගණන්වලටම යුරෝ ෆෝ අළෙවිකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.