by Staff writer 02-07-2018 | 12:35 PM
COLOMBO (News 1st) : දියවඩන නිළමේ ප්‍රදිප් නිළංග දෑල මහතාගේ උපදෙස් මත දළඳා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සහභාගී වන නර්තන ශීල්පීන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර තිබේ.
දළඳා පෙරහැර සඳහා සහභාගී වන සියලු නර්තන ශීල්පීන් එම පරීක්ෂණය සඳහා සහභාගි වී තිබේ.
මහනුවර රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සර්දා හේමප්‍රිය මහතාගේ උපදෙස් මත ඊයේ සහ පෙරේදා දිනයන්හි මෙම කටයුත්ත සිදු කෙරිණ.
ඔහු පවසන්නේ දියවැඩියාව අධිරුධිර පීඩනය ආදි රෝග කිහිපක් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි.
පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයට අනුබද්ධිත උඩරට නර්තන පීඨයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කෙරිණ.
දියවඩන නිළමේවරයා පැවසුවේ, දළඳා මාළිගාවේ වාර්ෂික පෙරහැරට සහභාගී වන සියලුම නර්තන කණ්ඩායම් ඔවුන්ගේ දක්ෂතාව අනුව වර්ගීකරණයට ද පියවර ගෙන ඇති බවයි.