තලාවේ බැංකු කොල්ලයක්

තලාවේ බැංකු කොල්ලයක්

by Sagarika Chathumali 02-07-2018 | 1:53 PM
COLOMBO (News 1st) : තලාව ප්‍රදේශයේ රාජ‍්‍ය බැංකුවකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පසුගිය සිකුරාදා දිනයේ මෙම කොල්ලය සිදුව ඇති බවයි. බැංකුවේ පිටුපස දොරටුව, ගෑස් සහිත යකඩ කපන උපකරණයකින් සූක්ෂම ලෙස විවර කර කොල්ලකරුවන් පිරිස ඇතුළු බැංකුවට ඇතුළු වී තිබේ.