රු. ලක්ෂ 130ක කොකේන් බ්‍රසීල ජාතිකයාගේ උදරයෙන්

රු. ලක්ෂ 130ක කොකේන් ගුලි 73 ක් බ්‍රසීල ජාතිකයාගේ උදරයෙන් සොයා ගනී

by Staff writer 01-07-2018 | 8:15 AM
COLOMBO (News 1st) - කටුනායක ගුවන් තොටුපොළේදි අත්අඩංගුවට ගත් බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 73 ක් පිටතට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. ග්‍රෑම් 500 ක් පමණ බරැති එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය. දෝහා කටාර් සිට මෙරටට පැමිණි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පෙරවරුවේදී ය. ඒ, විදේශිකයෙකු කෝකේන් රැගෙන එන බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි. අත්අඩංගුවට ගත් 30 හැවිරිදි සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. ඡායාරූප අනුග්‍රහය - පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය