රුසියාව ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

by Sagarika Chathumali 01-07-2018 | 10:33 PM

2018 වසරේ සත්කාරක රුසියාව වසර 32කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ලෝක ශූර ස්පාඤ්ඤ සමග පැවැති තරගය දඬුවම් පහර 4 ට 3 ක් ලෙස ජය ගනිමිනි. තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබා ගෙන සම තත්ත්වයේ පසුවිය. අනතුරුව ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා අතිරේක කාලයක් ලබා දුන් අතර එම කාලය තුළදී ද ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් 2කම අසමත් විය. පසුව ජයග්‍රාහකයා තීරණය කිරීමට දඬුවම් පහර ලබා දිමට විනිසුරුවරුන් තීරණය කළ අතර එහිදී දඬුවම් පහර 4ට 3ක් ලෙස රුසියාව අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කර ගත්තේ ය.