යූරෝ 4 ඉන්ධන හෙට සිට මෙරට වෙළඳපොළට

යූරෝ 4 ඉන්ධන හෙට සිට මෙරට වෙළඳපොළට

by Staff writer 01-07-2018 | 7:30 AM

COLOMBO (News 1st) - යූරෝ 4 ඉන්ධන හෙට සිට මෙරට වෙළඳපොළට නිකුත් කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, නව ඉන්ධන විශේෂය හඳුන්වාදීමත් සමග වෙළඳපොළේ දැනට පවතින ඔක්ටේන් 95 පෙට්‍රල් හා සුපිරි ඩීසල් භාවිතයෙන් ඉවත් කරන බව ය. යුරෝ 4 ඉන්ධනය දහනයේදී පරිසරයට පිටවන අහිතකර වායු ප්‍රමාණය අවම බව ද ඔහු සඳහන් කළේය. උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ යුරෝ 4 ඉන්ධන විශේෂය සතියක් තුළ දිවයිනේ සියලු පිරවුම්හල් වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ය.