නිව්යෝර්ක්ස් ටයිම්ස් පුවත්පතට නඩු දමන බවට හිටපු ජනපති මහින්දගෙන් තර්ජනයක්

by Staff writer 01-07-2018 | 7:28 PM

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හැමෝම කියනවා දැන් මට නඩු දාන්න කියලා. මම දැන් ලෙටර් ඔෆ් ඩිමාන්ඩ් එකක් යවන්න ලෑස්ති කරලා තියනවා. පක්ෂයෙනුත් යනවනවා. මේක පක්ෂයට දුන්නා කියල නේ චෝදනා කරලා තියෙන්නේ. මගේ සාක්කුවට දුන්නා කියලා නෑනේ. එතකොට පක්ෂය විසින් අනිවාර්යෙන්ම , එතකොට නීතීඥවරුන්ට අපි දැන් උපදෙස් දීලා තියනවා. කොහොම ද කරගෙන යන්නේ කියලා. පිටරටකින් සල්ලි අපි කොයි වෙලාවකවත් අපේ මැතිවරණ ව්‍යාපාරයට අවේ නෑ හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද කුරුණෑගලදී පැවති උත්සවයක් අමතමිනි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම පුවත්පත් වාර්තාවේ සඳහන් කරුණු පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කර තිබේ.    - උපුටා ගැනීම - - චයිනා හාබර් සමාගම මාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා කිසිදු මුදලක් පරිත්‍යාග කළේ නැත. - මගේ සගයන් හා මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නන්ට එම මුදල් ලබා දී ඇති බවත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අය විසින් අදාළ චෙක්පත් අරලියගහ මන්දිරයට ගෙනගොස් දුන් බවත් කීව ද, නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ මුදල් හරියටම ගත්තේ කවු ද? දුන්නේ කවු ද ? යන කාරණා සම්බන්ධයෙන් සිතා මතා ම අපහැදිලි වදන් භාවිත කොට ඇත. - නිව්යෝක් ටයිම්ස් ලිපියේ ඇතැම් කරුණු ඔවුන් ලබාගත්තේ ආණ්ඩුවේ විමර්ශනයකින් බව එහි සඳහන් වේ. මේ ආණ්ඩුව බලයට පත් වූ මොහොතේ සිට විපක්‍ෂයට මඩ ගැසීම හැරුණු විට වෙන කිසිවක් කර නැති බව සෑම ශ්‍රී ලාංකිකයෙකුම හොඳින් දනී.                                                                                                                                               - උපුටා ගැනීම අවසන් - නිව්යෝක් ටයිම්ස් වාර්තාව පූර්ව නිගමනවලින් සහ සාක්ෂිවලින් තොර එකක් යැයි විවිධ පාර්ශව පවසන බව නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා කිසියම් රටක් මැදිහත්වීම දැඩි ලෙස හෙළා දකින බවයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධතා සැමවිට ම මිත්‍රත්වය මත පදනම්ව සිදු වන බව පෙන්වා දෙන තානාපති කාර්යාලය පවසන්නේ මෙරට නිදහසට,ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවයට චීනය සැමවිට ගරු කරන බවයි. එහෙත් හිටපු ජනාධිපතිවරයා මැතිවරණ කටයුතු සඳහා අදාළ මුදල් යෙද වූයේ ද යන්න සම්බන්ධයෙන් චීනය මෙහිදී කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ ආන්දෝලනයට තුඩු දුන් වාර්තාව නිකුත් කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය සිය පෞද්ගලික ට්ටිවර් ගිණුමේ මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ. - උපුටා ගැනීම - 1 . මඩ ගැසීම්, බිය වැද්දීම් වැනි දේට වඩා වෘත්තීය මට්ටමින් සිය පුවත්පත් වාර්තාවට ප්‍රතිචාර දැක්වීම වැදගත් 2. මම ශ්‍රී ලංකාවේ මාධ්‍යට , රජය වගේම , පොදු විපක්ෂයට පවසා තිබෙන විදිහට සම්මුඛ සාකච්ඡාවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා. මම අමාත්‍යවරයාට කිව්වා ඔවුන්ගේ දේශපාලන සංදර්ශනවලට මා සහභාගීවන්නේ නැහැ කියලා. මූලාශ්‍ර කිහිපයක් මගේ පුවත් වාර්තාවට යොදාගෙන තිබෙනවා . ඔවුන්ගේ අන්‍යනතාවය මම සංස්කාරකවරුන්ට හැර වෙන කිසිවෙකුට හෙළි කරන්නේ නැහැ.                                                                                                                                                - උපුටා ගැනීම අවසන් -