by Staff writer 01-07-2018 | 11:26 AM
(News 1st) - දෛනිකව ලබාදෙන බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 2 කින් ඉහළ දමන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි රජුගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ, ඉහළ යන ඉන්ධන වියදම පාලනය කිරීමේ අරමුණිනි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ සෞදි රජු ඊට එකඟ වූ බව ය.
ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමත් සමග බොරතෙල් අවශ්‍යතාව සපුරා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසඳුම් ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබුණි.