ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව අමෙරිකාවේ විරෝධතා

by Staff writer 01-07-2018 | 9:40 AM

(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව අමෙරිකාවේ ප්‍රධාන නගර රැසක් පුරා විරෝධතා ආරම්භ වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිව්යෝර්ක්, වොෂින්ටන් ඩීසී ඇතුළු ප්‍රධාන නගරවල විරෝධතා ක්‍රියාත්මක බව ය. මෙක්සිකෝ - අමෙරිකානු දේශසීමාව ආසන්නයේදී සංක්‍රමණික දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කිරීමට ජනපති ට්‍රම්ප් ගත් තීරණය ලොව විවිධ රටවල නායකයින්ගේ විවේචනයට ලක්විය. පසුව වෙන්කළ දරුවන් යළි දෙම්ව්පියන්ට භාරදීමට ජනපති ට්‍රම්ප් තීරණය කළ ද එය නිසි ආකාරයෙන් සිදුනොවන බවට ජනතාව චෝදනා කළේය.