කොළඹ කසළ බැහැර කරන ස්ථානවල CCTV සවි කිරීමට පියවර

කොළඹ කසළ බැහැර කරන ස්ථානවල CCTV කැමරා සවි කිරීමට පියවර

by Staff writer 01-07-2018 | 5:32 PM

COLOMBO (News 1st) - කොළඹ නගරයේ කසළ බැහැර කරන ස්ථානවල CCTV කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව පවසයි.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, දෛනිකව කොළඹ නගරය තුළ කසළ ටොන් 50 ක් පමණ එක් රැස් වන බවයි. කසළ වෙන් කිරීම සඳහා සේවකයින් යෙදවීමට පියවර ගෙන ඇති බවත්, තවදුරටත් වෙන් නොකරන ලද කසළ එක්වීම ගැටලුවක් වී ඇති බව ද ඔහු පැවසුවේ ය. ලලිත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ආදාළ ස්ථානවල CCTV කැමරා පද්ධති සවි කිරීමට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදු කර ඇති බවයි. මේ අතර නීති විරෝධි ලෙස කසළ බැහැර කරන්නන් සොයා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් සහ නගර අලංකරණ ඒකකයේ නිලධාරීන් පැය 24 පුරා ක්‍රියාත්මක බව ද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේ ය.