අද සිට දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් තහනම් !

අද සිට දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් තහනම් !

by Staff writer 01-07-2018 | 4:53 PM

COLOMBO (News 1st) - අද සිට දුම්රියවල සහ දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම්, සිඟමන් යැදීම සපුරා තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවයි. දුම්රිය ස්ථානවල, දුම්රිය මැදිරිවල සිඟමන් යදින්නන්ට සහ අනවසර වෙළෙඳාම් කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව විජය සමරසිංහ මහතා පැවසුවේ ය.