සිර මැදිරිය දෑස් ඉදිරිපිට මැවී තිබියදී නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට

සිර මැදිරිය දෑස් ඉදිරිපිට මැවී තිබියදී නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට

සිර මැදිරිය දෑස් ඉදිරිපිට මැවී තිබියදී නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට

කර්තෘ Staff writer

13 Jul, 2018 | 7:52 am

(News 1st) – දූෂණ චෝදනාවන්ට වරදකරු වී 10 වසරක සිර දඬුවම් නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වන විට ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටියි.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන මරියා යන දෙදෙනාම ලන්ඩනයේ සිට ලාහෝර් වෙත පැමිණි වහාම අත්අඩංගුවට ගැනෙණු ඇති බව ය.

සිර මැදිරිය තම ඇස් ඉදිරිපිට මැවී පෙණුනත් තමන් පකිස්ථානයට යන බව හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයෙන් පිටවීමට පෙර පවසා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.

ධූර කාල 3ක් පකිස්ථානයේ අගමැති ධූරය හෙබවූ නවාස් ෂරීෆ් පසුගිය වසරේ බලයෙන් පහ කෙරුණේ, ඔහුට එරෙහි දූෂණ චෝදනා විමර්ශනවලින් අනතුරුව ය.

ඉන්පසු රටින් පිටව සිටි හිටපු අගමැති නවාස් ෂරීෆ්ට පකිස්ථාන දූෂණ විරෝධී අධිකරණය මගින් 10 වසරක සිර දඬුවම් නියම කෙරිණි.

ඒ, ලන්ඩන් නුවර පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ 04ක හිමිකාරිත්වය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.