රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඉල්ලා අස්වෙයි

කර්තෘ Sagarika Chathumali

05 Jul, 2018 | 7:01 pm

COLOMBO (News 1st) : ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවුස්ෆස්ට් වෙත ඒ බව තහවුරු කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් වීමට අදාළ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දී ඇති බවයි.