පේශාවර්හි මැතිවරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පේශාවර්හි මැතිවරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පේශාවර්හි මැතිවරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

කර්තෘ Sagarika Chathumali

11 Jul, 2018 | 4:50 pm

පකිස්ථානයේ පේශාවර් නගරයේ මැතිවරණ රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දේශපාලනඥයෙකු සහ සිවිල් වැසියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බෝම්බ ප්‍රහාරයෙන් එරට අමාවි ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලනඥයෙකු වන හරූන් බිලවර් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 69 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

හරූන් ජූලි 25 වන දා පැවැත්වෙන පකිස්ථාව මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වන අතර ඔහුගේ පියා ද ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු විය.

ඔහු 2012 වසරේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය.

පොලීසිය පවසන්නේ, බිලවර් සිය පාක්ෂිකයින් අමතමින් සිටින අතරතුර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

පකිස්ථාන තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ.

අමාවි ජාතික පක්ෂය 2013 මැතිවරණ සමයේ ද තලේබාන් ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයන් බවට පත් විය.