විගණන පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

විගණන පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ

කර්තෘ Staff writer

05 Jul, 2018 | 12:00 pm

COLOMBO (News 1st) – ජාතික විගණන ප‍නත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත් වේ.

ඒ, අවස්ථා කිහිපයකදී අදාළ විවාදය පැවැත්වීම ප්‍රමාද කිරීමෙන් අනතුරුවයි.

යහපාලන රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින 100 තුළ සම්මත කිරීමට යෝජනා වී තිබුණි.

2015 මැයි මස 15 වන දින සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් ය.

එම කොමිසම සඳහා සමාජිකයින් පවා පත් කරනු ලැබුණි.

මේ අතර සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේ අවධානයට ලක් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේ තිරසර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ය.