අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි

කර්තෘ Staff writer

12 Jul, 2018 | 8:28 am

COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියම කර ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය මේ වන විට ආනයනය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

2015 වසරේ සිට අලුගෝසූ තනතුර පුරප්පාඩුව පවති.

අවස්ථා දෙකකදී ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට උත්සහ කළත්, පැමිණි පුද්ගලයින් දෙදෙනා පුහුණුවෙන් පසු එම තනතුර හැර ගිය බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 13 කි.

ඉන් 12 ක් ම පිරිමි රැඳවියන් වන අතර එක් කාන්තා රැඳවියක් ද ඒ අතර වේ.