newsfirst.lk 2018 වසරේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ඇතුළු සම්මාන 2ක් දිනා ගනී

newsfirst.lk 2018 වසරේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ඇතුළු සම්මාන 2ක් දිනා ගනී

newsfirst.lk 2018 වසරේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ඇතුළු සම්මාන 2ක් දිනා ගනී

කර්තෘ Chathuranga Rajapaksha

30 Jun, 2018 | 5:55 pm

COLOMBO (News 1st) – බෙස්ට් වෙබ් 2018 – සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් මෙවර රන් සම්මාන 2ක් හිමි කර ගත්තේය.

ප්‍රවෘත්ති වෙබ් අඩවියක් මෙම සම්මාන උළෙලේ සමස්ත අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි සම්මානය හිමි කර ගත්තේ පළමු වරටයි.

හොඳම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාත්මක වෙබ් අඩවිය සඳහා වන රන් සම්මානය ද newsfirst.lk වෙබ් අඩවියට මෙවර හිමිවිය.

rtiwatch.lk වෙබ් අඩවියට සමස්ත උළෙලේ රිදී පදක්කම හිමි වූ අතර , එහි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේ ලාෆස් හොල්ඩින් ලිමිටඩ් සමාගමේ laugfs.lk වෙබ් අඩවියයි.

හොඳම වෙබ් අඩවි නිර්මාණය සදහා වූ සම්මානය මෙවර දිනා ගත්තේ 3CS ඒෂීයා පෞද්ගලික සමාගමයි.

රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත් අතර , නාවික හමුදාව ජනප්‍රියම රාජ්‍ය ආයතන වෙබ් අඩවියට හිමි සම්මානය දිනා ගත්තේය.

BestWeb.LK සම්මාන උළෙලට මුලිකත්වය ගන්නේ L.K. ඩොමේන් රෙජිස්ට්‍රි සංවිධානය සහ මොරටුව විශ්ව විද්‍යාලයයි.

ප්‍රමුඛ පෙළේ විනිසුරු මඩුල්ලක් අදාළ සම්මාන සඳහා වෙබ් අඩවි තෝරා ගන්නා අතර තාක්ෂණය, නිර්මාණාත්මභාවය, අන්තර්ගතය සහ අන්තර් ක්‍රියාකාරීත්වය එහිදී සළකා බලනු ලැබේ.

භාෂා තුනම භාවිත කරමින් වීඩියෝ දර්ශන ද ඉදිරිපත් කරමින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත ප්‍රමුඛතම වෙබ් අඩවිය newsfirst.lk වෙබ් අඩවියයි.

2007 වසරේ ඔක්තෝබර් 10 වැනිදා සිංහල මාධ්‍යයෙන් ආරම්භ කළ අපගේ වෙබ් අඩවිය, 2009 වසරේ සිට ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් ද තොරතුරු සන්නිවේදනය ක‍ළේය.

ශ්‍රී ලංකාවේ සියලු මාධ්‍ය ආයතන අභිබවමින් නිව්ස්ෆස්ට් ඉහළින්ම තැබීමට මුලික වූ ප්‍රේක්ෂක ජනතාවට අපගේ හද පිරි ප්‍රණාමය…!!