රු. ලක්ෂ 22ක රන් බිස්කට් සමග පුද්ගලයෙකු කොටුවෙයි

රුපියල් ලක්ෂ 22ක රන් බිස්කට් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

by Staff writer 30-06-2018 | 10:12 AM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 22 ක් වටිනා රන් බිස්කට් 3ක් ශරීරය තුළ සඟවා මෙරටට රැගෙන ඒමට තැත්කළ සැකකරුවෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, සිංගප්පුරුවේ සිට සැකකරු මෙම රන් බිස්කට් මෙරටට රැගෙන පැමිණ ඇති බව ය. අත්අඩංගුවට පත්ව ඇත්තේ 37 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර නීති විරෝධිව මැණික් ගල් 858 ක් මෙරටට රැගෙන ඒමට තැත්කළ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය.