යාපනයේ දැරිය ඝාතනය: තවත් සැකකරු දෙදෙනෙකු කොටුවෙයි

යාපනයේ 6 හැවිරිදි දැරිය ඝාතනයට සම්බන්ධ තවත් සැකකරු දෙදෙනෙකු කොටුවෙයි

by Staff writer 30-06-2018 | 8:37 AM

COLOMBO (News 1st) - යාපනය, සුළිපුරම් ප්‍රදේශයේදී 6 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාට්ටුපුලම්, සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 18 හා 17 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. ඔවුන් අද මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී. පසුගිය 25 වැනිදා අදාළ දැරිය පාසල් ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් කළ සොයා බැලීමකදී ඇගේ මළ සිරුර ළිඳක තිබී සොයාගනු ලැබිණි. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිවූයේ දැරියගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බව ය.