මත්තලදී හක්කපටස් ගිලීමෙන් අසාධ්‍ය වු ඇතින්න මරුට

මත්තලදී හක්කපටස් ගිලීමෙන් අසාධ්‍ය වු ඇතින්න මරුට

by Staff writer 30-06-2018 | 4:24 PM

COLOMBO (News 1st) - මත්තල, මල්ආර ප්‍රදේශයේදී හක්ක පටස් ගිලීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ඇතින්න මියගොස් තිබේ.

දකුණ සහ ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ, දින 5 ක් ඇතින්නට ප්‍රතිකාර කළ බව ය. මියගිය ඇතින්නගේ වයස අවුරුදු 30 කි. ඇතින්න අසල සිටි අවුරුදු 2 ක් පමණ වන අලි පැටවා ඇත් අතුරු සෙවනට යොමු කළ බව ද ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේය.