බදු හමුවේ යටත් වෙන්නේ නැහැ - කැනඩා අමෙරිකාවට කියයි

බදු හමුවේ යටත් වෙන්නේ නැහැ - කැනඩා අමෙරිකාවට කියයි

by Chathuranga Rajapaksha 30-06-2018 | 11:33 AM

(News 1st) - අමෙරිකාව වානේ සහ ඇලුමීනියම් ආනයන මත පැනවූ නව තීරු බදු හමුවේ තමන් යටත් නොවන බව කැනඩාව පවසයි.

කැනඩා විදේශ අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කියා සිටියේ සිය රට තුළින් ඇලුමීනියම් සහ වානේ අවශ්‍යතාව සපුරා ගැනීමට කටයුතු කරන බව ය. ඒ සඳහා දේශීය වානේ සහ ඇලුමීනියම් කර්මාන්තකරුවනට සිය නිලධාරීන් නව පැකේජයන් හඳුන්වා දී ඇතැයි ද ඇය සඳහන් කළාය. එකට එක කිරීමක් ලෙස අමෙරිකානු නිෂ්පාදන මත කැනඩාව පැනවූ තීරු බදු හෙට සිට ක්‍රියාත්මක වන බව ද කැනඩා විදේශ අමාත්‍යවරිය කියා සිටියාය.