ජනපති විසින් යුද හමුදා නිලධාරීන්ට උසස්වීම් ලබාදෙයි

ජනපති විසින් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කෙරේ

by Staff writer 30-06-2018 | 11:10 AM

COLOMBO (News 1st) - යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

ඒ, බ්‍රිගේඩියර් එච්.ජී.අයි. විද්‍යානන්ද, බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර, බ්‍රිගේඩියර් ඩී.එම්.දවුලගල, බ්‍රිගේඩියර් ශාන්ත තිරුණාවකරසු, බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය යන මහත්වරුන් ය. යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ, මෙම නිලධාරීන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී හා මානුෂවාදී මෙහෙයුමේදී පාබල, සන්නද්ධ සේවා, සහයක ආදි ක්ෂේත්‍රවල සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බව ය. මීට අමතරව සේනාධි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදා කපිතාන්වරු 34 දෙනෙකු මේජර් නිලයට උසස් කර තිබේ.