ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමිකරුවන් වර්ජනයකට සැරසෙයි

ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමිකරුවන් වර්ජනයකට සැරසෙයි

by Staff writer 30-06-2018 | 6:55 AM

COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව හෙට මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් තම ටැංකි රථවල ගාස්තු වැඩි කිරිමට බලධාරීන් මෙතෙක් පියවරක් ගෙන නොමැති බව ය. ඉන්ධන බෙදාහරින පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමට කිසිඳු බාධාවක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමට බාධා ඇතිවිය හැකි බවට විවිධ කටකතා පැතිරෙමින් ඇති බව ය. දැනටමත් ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාව දැනුම් දෙන්නේය. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තව දුරට ත් මෙවැනි ප්‍රචාර සිදුකරන පාර්ශවයන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරමින් සිටින බව ද පවසයි.