ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

by Chathuranga Rajapaksha 30-06-2018 | 10:47 PM

(News 1st) - ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් අද පැවැති පළමු තරගයෙන් ප්‍රංශ කණ්ඩායම ජය ගත්තේය.

ඒ, අනුව අවස්ථා දෙකකදී ලෝක ශූරයින් බවට පත් වු ආර්ජන්ටිනාවට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ වටයේ තරගය ආරම්භ කරමින් එහි පළමු තරගය පැවැත් වුණේ ප්‍රංශය සහ ආර්ජන්ටිනාය අතරයි. තියුණු මහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේදී දඩුවම් පහරක් සාර්ථාක කර ගනිමින්, ප්‍රංශය පළමු ගෝලය තරගයේ 13 වැනි මිනිත්තු වේදී වාර්තා කළේය. එම අර්ධයේදී ප්‍රතිවාදී ආර්ජන්ටිනා කණ්ඩායමට ගෝල රැස් කිරීමට හැකි වුණේ නැහැ. දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වු, ප්‍රංශ ක්‍රීඩකයින් තරග 57, 64 සහ 68 වැනි මිනිත්තුවලදී ගෝල වාර්තා කළේය. ප්‍රතිවාදී ආජන්ටිනා ක්‍රීඩකයින් එම අර්ධයේදී ගෝල 3 ක් වාර්තා කළ එය තරගය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ අනුව ප්‍රංශ ක්‍රීඩකයින් තරගයේ ජය තමන් සතු කර ගත්තේ ගොල් 4 ට 3 ක් ලෙස ය.