දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි

දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල Internet වෙත මුදාහරියි

by Staff writer 29-06-2018 | 1:52 PM
COLOMBO (News 1st) - 2018 දහම් පාසල් අවසාන් විභාගයේ ප්‍රතිඵල ඉන්ටර්නෙට් වෙත මුදාහැර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, එලෙස දහම් පාසල් විභාග ප්‍රතිඵල ඉන්ටර්නෙට් වෙත නිකුත් කළේ පළමු වතාවට බව ය. මේ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දහම් පාසල් විභාග ප්‍රතිඵල ලබා ගත හැකි ය. මෙවර දහම් පාසල් අවසාන විභාගයට ඉදිරිපත්ව තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 98500කි. ඉන් විභාගයට පෙනී සිට ඇත්තේ 57247 දෙනෙකු පමණක් බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. පසුගිය මාර්තු 24 සහ 25 යන දිනවල දහම් පාසල් අවසාන විභාගය මධ්‍යස්ථාන 691කදී පැවැත්විණි. පරීක්ෂණ මණ්ඩල 83ක් හරහා සම්මේලන ක්‍රමය යටතේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සිදුව තිබේ.