ජාතික චිත්‍රපට සංස්ථාවට වාරණ නියෝගයක්

ජාතික චිත්‍රපට සංස්ථාවට වාරණ නියෝගයක්

by Staff writer 29-06-2018 | 7:05 AM
COLOMBO (News 1st) - චිත්‍රපට බෙදා හැරීම ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට පැවරීමේ තීරණය ලබන 12 වන දා දක්වා අත්හිටුවමින් ජාතික චිත්‍රපට සංස්ථාවට තහනම් නියෝගයක් ඊයේ නිකුත් කළේ ය. ඒ, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පමිල රත්නායක මහතා විසිනි. චිත්‍රපට බෙදා හැරීම් කළ සමාගම් 4ක් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම තහනම් නියෝගය නිකුත් කළේ ය. ප්‍රධාන දිසා විනිසුරුවරයා නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 12 වන දා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා ජාතික චිත්‍රපට සංස්ථාවට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යවන ලෙස ය. වසර 18ක් තිස්සේ සමාගම් 4ක් ඇතුළු සමාගම් ප්‍රදර්ශන මණ්ඩල විසින් සිදු කළ චිත්‍රපට බෙදා හැරීම හදිසියේ චිත්‍රපට සංස්ථාවට පැවරීම මගින් එම සමාගම්වලට දැඩි ආර්ථික හානියක් මෙන් ම චිත්‍රපට කර්මාන්තය ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව අදාළ සමාගම් ගොනු කළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.