ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ

by Staff writer 29-06-2018 | 6:43 PM

COLOMBO (News 1st) -  වහාම ක්‍රියාත්මක පරිදි ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබේ.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 1,538කි. පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා සඳහන් කළේ, ජීවන වියදම් කමිටුව රැස් වී ගත් තීරණයක් අනුව මිල අඩු කළ බව ය. ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.