කොටියා ඝාතනය: සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ්

කොටියා ඝාතනය: සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ්

by Staff writer 29-06-2018 | 4:08 PM

COLOMBO (News 1st) - කිලිනොච්චි, අම්බල්කුලම් ප්‍රදේශයේදී පොලු මුඟුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 10 දෙනෙකු ලබන මස 13 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරුවන් කිලිනොච්චි මහේස්ත්‍රාත් එම්.ගනේෂ රාජා මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර සැකකරුවන් තුන්දෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පොලිසිය එම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කොටියා ඝාතනය කරන අයුරු දැක්වෙන විඩියෝ පට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. වනජීවි දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව අධිකරණය පොලීසියට එම නියෝගය නිකුත් කළේය.