හිටපු ජනපති මහින්දට එරෙහිව රන්ජන්ගෙන් පැමිණිල්ලක්

by Staff writer 28-06-2018 | 7:56 PM

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කළේ ය.

හිටපු ජනාධිපතිවරයා මැතිවරණ සඳහා චීනයෙන් මුදල් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය දා කළ අනාවරණය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම පැමිණිල්ල කළේ ය. මේ සම්බන්ධයෙන් අද කොළඹදී නියෝජ්‍ය අමාත්‍ය රංජින් රාමනායක මහතා අදහස් පළ කළේ ය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරමින් පැවසුවේ, චයිනා මර්ටන්ට් සහ චයිනා හාර්බර් අනුබද්ධිත ආයතනවලින් සතයක් හෝ ගෙන නොමැති නම්, දිවුරුම් පෙත්සමක් ලබා දෙන ලෙසයි. https://www.youtube.com/watch?v=svVKoqMb72o