විභාග ලිහිල් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කමිටුවක්

ප්‍රාථමික ශ්‍රේණිවල විභාග ලිහිල් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කමිටුවක්

by Staff writer 28-06-2018 | 10:14 AM

COLOMBO (News 1st) - පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ විභාග ලිහිල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ඊට විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු, විශේෂඥ වෛදවරුන් 5 දෙනෙකු සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් ය. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළමු, දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණිවල සිසුන්ගේ විභාග ක්‍රියාවලිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් අදාළ කමිටුව විශේෂ අධ්‍යයනයක නිරත වන බවයි. ළමා මනසට යෝග්‍ය පරිදි පාසල් විභාග ක්‍රමවේදය වෙනස් කිරීම මෙහි අරමුණ වේ. අදාළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව එය අධ්‍යාපන අමාත්‍යංශයට යොමුකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.