විදුහල්පති ස්ථාන මාරු කළ වරදට වන්දි ගෙවන හිටපු මහ ඇමති

by Staff writer 28-06-2018 | 9:42 PM
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. 2016 වසරේ සැප්තැම්බර් මස 14 වන දා අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතාට නීති විරෝධී ලෙස ස්ථාන මාරුවක් ලබාදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කරමින් නඩුවක් ගොනු කර තිබිණ. ස්ථානක මාරුව සිදු කළ අකාරය පිළිබඳ පැහැදිලි කළ, අනුරාධුපර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර්. පි. කරුණාරත්න බණ්ඩාර මහතා...
"2016 9 14 වෙනිදා උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරිය මට ස්ථාන මාරුවක් ලබා දෙනවා. මුල් ගල තැබීමේ උත්සවයේදි මහමැතිතුමා සතුටට පත් වුනේ නැහැ.. ඒ නිසා එතුහාගේ නියෝගයට අනුව මාරු කරන්න සිද්ධ වෙනවා කියලා. ඊටපස්සේ මට ස්ථාන මාරු ලිපිය ආවා. ඉල්ලීම් කරා අභියාචනා කරා මේ ස්ථාන මාරුව අවලංගු කරලා මේ විද්‍යාලයේ සේවය කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා.නමුත් කිසිම නිලධාරියෙක් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ"
නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, පේෂල ජයරත්න මහතා වන්දියට අමතරව රජයේ ගාස්තුව වශයෙන් රුපියල් පනස් දහසක් ද ගෙවිය යුතු බවයි. මාස දෙකක් තුළ කරුණාරත්න බණ්ඩාර මහතා අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස යළි පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. https://www.youtube.com/watch?v=2VzmXhmcAbo