ලක්ෂ 70 ක මත්ද්‍රව්‍ය සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට

ලක්ෂ 70 වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 28-06-2018 | 9:28 AM

COLOMBO (News 1st) - සූක්ෂමව සඟවා මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට දිවයිනට පැමිණ ඇති බවයි. සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබියදී හෙරොයින් ග්‍රෑම් 320 ක්, අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 ක් සහ හෂීස් ග්‍රෑම් 230 ක් සොයා ගැනුණි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් වනු ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.