ලක්ෂ ගණන් මුදල් වංචා කළ හොර වෛද්‍යවරයාට වැඩ වරදී

ලක්ෂ ගණන් මුදල් වංචා කළ හොර වෛද්‍යවරයා පිටකොටුවේදී අත්අඩංගුවට

by Staff writer 28-06-2018 | 10:41 AM

COLOMBO (News 1st) - ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පිටකොටුවේ හෝටලයක ලැගුම්ගෙන සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු, පමුණුගම, කඳාන, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් වංචනිකව ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 50 කට ආසන්න වේ. ඊට අමතරව ඔහු වෛද්‍ය වෘත්තියේ නිරත වන බව පවසා කාන්තාවන් රවටා නීත්‍යානූකූලව විවාහ කර ගැනීම් සම්බන්ධයෙන් ද පොලීසියට පැමිණිලි ඉදිරිපත්ව තිබුණි. අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් ය. ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.