මයිකල් ජැක්සන්ගේ පියා මියයයි

මයිකල් ජැක්සන්ගේ පියා මියයයි

by Hashini De Mel 28-06-2018 | 4:27 PM

හිටපු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ සහ ජැනට් ජැක්සන්ගේ පියා වූ ජෝ ජැක්සන් මිය ගොස් තිබේ.

ජෝ ජැක්සන් මිය යන විට 89 හැවිරිදි වියේ පසු විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිළිකා රෝගී තත්ත්වයකින් පෙළුණු ඔහු රෝහල්ගත කිරීමෙන් පසු පසුගිය බදාදා මිය ගිය බවයි. ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත් වූයේ, ඔහුගේ පුතු වූ මයිකල් ජැක්සන්ගේ මරණයෙන් වසර 9 කුත් දින දෙකකට පසුව ය.