එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට

by Staff writer 28-06-2018 | 12:09 PM

COLOMBO (News 1st) - වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

පසුගිය කාලයේ පැවති වර්ෂාවත් සමග අස්වනු අඩුවීම මීට හේතුවී ඇතැයි ගොවීන් පවසති. පවතින එළවළු මිල ගණන් සම්බන්ධයෙන් අප දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, තව ත් මාස එකහාමාරක පමණ කාලයක් මෙම තත්ත්වය පැවතිය හැකි බවයි.