උතුරු කොරියාව තවමත් න්‍යෂ්ටික පර්යේෂණවල...

උතුරු කොරියාව තවමත් න්‍යෂ්ටික පර්යේෂණවල නිරත වන බවට අනාවරණයක්

by Staff writer 28-06-2018 | 7:35 AM

උතුරු කොරියාව අඛණ්ඩව න්‍යෂ්ටික පර්යේෂණවල නිරත වන බව න්‍යෂ්ටික කටයුතු පිළිබඳ වෙබ් අඩවියක් ප්‍රකාශ කර තිබේ.

එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ, සිංගප්පූරුවේ පැවති සම්මේලනයකදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීමට ප්‍රතිඥා දුන්න ද උතුරු කොරියාව සිය න්‍යෂ්ටික පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීම මෙතෙක් අතහැර නොමැති බවයි . උතුරු කොරියාව සිය ප්‍රධානම යොන්ග්බ්යොන් න්‍යෂ්ටික විද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ නිරතවන අයුරු මෑතකදී ලබාගත් චන්ද්‍රිකා ජායාරූපවලින් හෙළි වූ බව ද එම වෙබ් අඩවිය සඳහන් කළේ ය. කෙසේ වෙතත් මින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්වීමට දුන් ප්‍රතිඥාව කඩ නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ උතුරු කොරියානු රජයෙන් නියෝග ලැබෙන තෙක් විද්‍යාඥයන් සිය පරීක්ෂණ කටයුතුවල නිරතවන බවට අනුමාන කළ හැකි බවයි.