යාපනයේ දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනයේ දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 27-06-2018 | 8:08 AM
COLOMBO (News 1st) - යාපනය, වඩුක්කෝට්ටේ කාට්ටුපුලම් ප්‍රදේශයේදී 6 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 22 හැවිරිදි සුලිපුරම් කාට්ටුපුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. දැරියගේ සිරුර පෙරේදා පස්වරුවේ ළිඳක තිබී සොයා ගත්තේ ය. ඒ, ඇය පාසල් ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් කළ සොයා බැලීමකදී ය. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ පස්වරුවේ පැවති අතර එහිදී හෙළි වුණේ ඇය ගෙල සිර කර ඝාතනය කර ඇති බව ය.