පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2322 ක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2322 ක් අත්අඩංගුවට

by Staff writer 27-06-2018 | 3:53 PM

COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා සහ අලුයම 3 සිට අලුයම 5 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 423 කි. පුද්ගලයින් 5 දෙනෙකු ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් 635 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. එහිදී අත්අඩංගුවට ගත් බීමත් රියැදුරන් සංඛ්‍යාව 650 කි. රථවාහන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 5254 දෙනෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත. හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 531 දෙනෙකුද මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත. පුද්ගලයින් 58,042 ක් සහ වාහන 29090 ක් මෙහෙයුමේදී පරීක්ෂාවට ලක්වී තිබේ. මාර්ග බාධක 1796 ක් යොදා සිදුකළ මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 14,070 කි.