පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා හෙට

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට

by Staff writer 27-06-2018 | 4:19 PM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිත වේ.

ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී දැනට පළාත් සභා සීමා නිර්ණය කමිටුව මගින් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත භාරදී ඇති කමිටු වාර්තාව සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳව හා පාළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති. එම සාකච්ඡාවට පළාත් සභා සීමා නිර්ණ අනුකමිටු නියෝජිතයින්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභගීවීමට නියමිතයි.