යළ කන්නයේ වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට පියවර

යළ කන්නයේ වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට පියවර

by Sagarika Chathumali 26-06-2018 | 9:29 AM

යළ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මධ්‍යස්ථාන 225ක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි, වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා උපුටා දක්වමින් රජයේ නිල පුවත් සේවය වාර්තා කරන්නේ, වී මෙට්‍රික් ටොන් 20,000ක් මිල දී ගැනීමට පියවර ගෙන ඇති බවයි. උපාලි මොහොට්ටි මහතා මේ බව සඳහන් කර ඇත්තේ, පසුගිය දා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ය. වී අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බව එහිදී අවධාරණය වී ඇත. මේ අතර වී අලෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මේ වන විට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බව ද සභාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.