මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට මූල්‍යමය උපකාරයක්

මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට මිලියන 3.5ක් පිරිනමයි: පොලීසියට සහය දුන් සිවිල් පුරවැසියන්ට මුදල් ත්‍යාග

by Staff writer 26-06-2018 | 8:19 PM

COLOMBO (News 1st) - මාතර නගරයේදී කොල්ලකරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී මිය ගිය පොලිස් නිලධාරියාගේ නිවසට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පස්වරුවේ ඔහුගේ ඥාතීන් හමු විය.

එහිදී පොලිස්පති අරමුදල, පොලීසිය හා සේවා වනිතා ඒකකවලින් රුපියල් තිස්පන් ලක්ෂ හැටදහසක මුදලක්, මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට ලබා දුන් අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහන සැලසීමට ද පොලිස්පතිවරයා පොරොන්දු වුණි. තවද මාතර වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කළ පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ද අද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත් විය.