හොර ඒජන්සිකරුවෙකු අත්අඩංගුවට

මැදපෙරදිග රැකියා පෙන්නා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

by Staff writer 26-06-2018 | 4:15 PM

COLOMBO (News 1st) - වලංගු බලපත්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු විදෙස් ගමන් බලපත්‍ර 49 ක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් තමන්ගේ නිවසේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, එම ඒජන්සිය ලියාපදිංචියක් නොමැතිව පවත්වා ගෙන ගොස් ඇති බවයි.