විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

by Hashini De Mel 26-06-2018 | 10:17 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර වෙනත් අයකු පත් කරන ලෙස ඉල්ලා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගය තීරණය කර තිබේ.

ඉංජිනේරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මහජන උපයෝගිතා කොමිසමේ අධයක්ෂ ජෙනරාල්වරයාට තම සහාය හිමි නොවන බැවින් කොමිසම සඳහා නව සමාජිකයන් පත්කරන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. විදුලිබල ක්ෂෙත්‍රයේ නියාමන ආයාතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මුලික අරමුණ වන්නේ පරිභෝගිකායට සාධාරණ අකාරයට විදුලි බලය ගුණාත්මක අවම මිලකට සැපයීමේ නිර්නායක සකස් කිරීමයි. මෙම කොමිෂන් සභාවට සමාජිකයන් පවත්වන්නේ ව්‍යාවස්ථාදායක සභාවේ උපදේශන හා නිර්දේශ මතයි. පසුගිය කාලයපුරාම දැඩි කතාබහට ලක් වූ විදුලි බල මණ්ඩලය මගින් යෝජනා කළ වියදම් අධික පරිසරහිතකාමී නොවන, දිගුකාලීන පැවැත්ම සහතික කළ නොහැකි දිගු කාලීන විදුලි ජනන සැලසුම් වෙනුවට රටටත් ජනතාවටත් වාඩාත් හිතකර දිගුකාලීන ජනන සැලැස්මක් යෝජනා කර සිටියේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි. එබැවින් තමන් නියාමනය කරනු ලබන ආයතනයේ පරිපාලනය හෝ ව්‍යුහයේ වෙනසක් කිරීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිතියක් උත්සාහා කරන්නේ නම් එය වලිගය විසින් බල්ලා නැටවීමට ගන්නා උත්සාහයක් නොවන්නේ ද? විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයට අපි අභියෝගයක් එල්ල කළෙමු. ඔබලාගේ සමාජිකයන් විදුලිබල මණ්ඩලය සමග සෘජු හෝ වක්‍රාකාරයේ කිසිදු මූල්‍යමය හා ව්‍යාපාරිකමය ගනුදෙනුවලට සම්බන්ධ නැති බවට ඔබට සහතිකයක් දිය හැකි ද? අවශ්‍ය නම් අපි එසේ යොමුවිය හැකි හැකි ක්ෂේත්‍ර කිහිපයක් ඔබලාට මතක්කර දෙන්නෙමු. 01. කුඩාපරිමාන ජල විදුලිබලාගාර 02. මණ්ඩලයට විදුලි මීටර් සැපයීමේ කොන්ත්‍රාත්තු 03. සියලුම වර්ගවල ට්‍රාන්ස්ෆොමර් සැපයීම. පසුගිය කාලය පුරාම මහත් ආන්දොලනයට ලක් වූ ගිවිසුම් හා ගනුදෙනු රැසක අතරමැදියන් වූයේ ලංකා ට්‍රාන්ස්ෆොමර්ස් සමාගමයි. ලංකා ට්‍රාන්ෆොමර්ස් හී අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන යු. ඩී.ජයවර්ධන, එම්.ජේ.එම්.එන්. මරිකාර් සහ රවින්ද්‍රකුමාර පිටිගලගේ යන තිදෙනා විදුලි බල මණ්ඩලය හා සෘජුවම සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින් ය. එබැවින් අප විදුලිබල මණ්ලයේ ඉංජිනේරු සංගමයට අභියෝග කරන්නේ ඔවුන්ට මණ්ඩලය සමගින් කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක් නැති වග සනාතකරන ලෙසයි. ලංකා විදුලි බල මණ්ඩලය, වෘත්තිය සංගම් ඇතුළු විදුලි ක්ෂෙත්‍රයේ පවතින දුෂණ අක්‍රමිකතා පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට අප සුදානම් ය.