පුලතිසි පොසොන් උදානයට සියල්ල සූදානම්

පුලතිසි පොසොන් උදානයට වැඩම කරවන ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර දඹුල්ල අතුරුපාරයාය විහාරස්ථානයට ළඟා වෙයි

by Staff writer 26-06-2018 | 9:16 PM

COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් බැතිබර මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය මෙවරත් පොළොන්නරුව ගල්විහාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත වේ.

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර අද පෙරවරුවේ ආරම්භ කෙරුණි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ද කුටියේ තැන්පත් කර ඇති සර්වඥ කේශ ධාතූන් වහන්සේ සර්වඥ අස්ථි ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ වැඩම කරවීම එම මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ආශිර්වාදයෙන් සිදු කෙරිණ. පොළොන්නරුව ගල්විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පුලතිසි පොසොන් උදානය 27, 28, 29 සහ 30 යන දිනයන්හි පැවැත්වෙනු ඇති.